Friday, April 19, 2024

General line - 0115112241

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිස කොළඹින්




ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 357 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 63 ක්. කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 30 ක්.

මේ අතර ඇතැම් පුද්ගලයින් පසුගිය දිනවල මුව ආවරණ නොමැතිව විනෝද චාරිකා සහ වෙනත් හමුවීම්වලට සහභාගී වී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ හේතුවෙන් නැවත වරක් මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් මතුවිය හැකි බවයි යුද්ධ හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඇතැමුන් පසුගිය දිනවල සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් ක්‍රියාකිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බැවින් ජනතාව මුව ආවරණ පැළඳීම නිසි පරිදි සිදුකළ යුතු බව ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.