Saturday, April 20, 2024

General line - 0115112241

අප්‍රේල් 21 වෙනිදා මිනිත්තු 02ක නිහඬතාවයක් පවත්වන්න - කාදිනල් හිමියන් ජනතාවගෙන් ඉල්ලයි 




පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. 

එමෙන්ම අප්‍රේල් 21 වෙනිදා දිවයිනේ සියලුම කතෝලික පාසැල් වලට විශේෂ නිවාඩු දිනයක් ලබා දෙන බවයි මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනික බලපෑමක් පැවතිය හැකි බවට තමන් ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී කරුණු පැහැදිලි කළා. 

කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.