Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ දිල්ලි අගනුවර සතියකට වැසෙයි




ඉන්දියාවේ දිල්ලි අගනුවර අද සිට සතියක කාලයකට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, දිල්ලි නගරය තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නගරයේ සෞඛ්‍ය සේවාවන් අඩපණ වීම හේතුවෙන්.

ඊයේ දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 75,306 දෙනෙකු වාර්තා වීම ද මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දිල්ලි අගනුවර වසා දැමෙන කාල සීමාව තුළ රජයේ ආයතන, රෝහල්, ඖෂධසැල්, භාණ්ඩ අලෙවිසැල් වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන පමණක් විවෘතව තැබෙනවා. 

මේ අතර, ඉන්දියාවෙන් වාර්තා වන සීඝ්‍ර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉන්දීය සංචාරය ද අවලංගු කර තිබෙනවා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබුණේ ලබන සතියේදීයි.