Wednesday, April 24, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලයට පැමිණීමෙන් වළකින්න : කොවිඩ් ආසාදිතයින් හමුවූ පාසැල් 03ක් වසා දැමේ 

අමදෝරු අමරජිව




ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍යය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාර්ග බාදක පනවමින් ජනතාව අත්‍යවශ්‍යය කාරණාවකට හැර සෙසු ගමන්බිමන් වල නිරත වීම වළක්වන්නැයි ද ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ අතර ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා.

දැනට වකුගඩු රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී ඇති ගෝමරන්කඩවල සහ පදවි ශ්‍රී පුර යන ප්‍රදේශවලින් ත්‍රිකුණාමලයට පැමිණෙන ජනතාව හැකිතාක් සීමා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරිය අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම වකුගඩු රෝගින්ට කෝවිඩ්-19 ආසාදනය වීම ඉතා ඉත්මනින් සිදු වන බවට සෞඛ්‍යය අංශ ආනාවරණය කරගෙන ඇති හෙයින් ආණ්ඩුකාරවරිය මෙම පියවරයන් ගැනීමට හේතුව වි තිබේ.

මේ අතර කොවිඩ් 19 වසංගතය පාසල් අතර ව්‍යාප්ත විමත් සමග ආසාදිතයන් හමුවු පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට පියවරගත් බව නැගෙනහිර  පලාත් අධ්‍යාපන ලේකම් ක්‍රිෂ්ටි ලාල් ප්‍රනාන්දු පවසනවා.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා හරස්ගල විද්‍යලය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ  අභයපුර මහා විද්‍යාය හා චිනවරාය දෙමල විද්‍යාලය මෙලෙස තාවකාලිකව වසා දමා තිබේ.

අභයපුර මහා විද්‍යාලයේ විදුහල්පතිට කොවිඩ් 19 ආසාදනය වි ඇති අතර චිනවරාය දෙමල විද්‍යලයේ හා හරස්ගල විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට හා සිසුන් කිහිපදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය විම නිසා මෙම තීරණයට එළඹි බව පලාත් අධ්‍යාපන ලේකමවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර තවත් විද්‍යාල තුනක පංති කිහිපයක් වසා දැමීමටද  පියවර ගත් බවද පලාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.