Thursday, April 25, 2024

General line - 0115112241

අටමස්ථානයට පැමිණෙන සැදැහැවතුන්ට දැනුම්දීමක්




එළඹෙන සතිඅන්තයේදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනා කිරීමට පැමිණීමේදී කණ්ඩායම් වශයෙන් පැමිණීමෙන් වළකින්නැයි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එළඹෙන සති අන්තයේ කණ්ඩායම් වශයෙන් අටමස්ථානය වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් එම සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශවලදී පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කෙරෙන බවද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර බෝමළුව විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබුවා.