Thursday, April 25, 2024

General line - 0115112241

සෞදියට එන්නේ බලාගෙනයි – තානාපතිගෙන් පණිවුඩයක්




රැකියා සඳහා සෞදි අරාබියට පැමිණීමේදී ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වඩාත් කල්පනාකාරී විය යුතු බව එරට ශ‍්‍රී ලංකා තානාපති අසීම් තාසීම් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සෞදි අරාබිය මුහුණදී සිටින ආර්ථික අර්බුදය සහ එරටදී ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සිදුවන වදහිංසා පිළිබඳ නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමකදීයි. එම සංවාදය පහතින් අහන්න

මුහුණදී සිටින ආර්ථික අර්බුදය නිසා සෞදි අරාබියේ ඇතැම් කර්මාන්තශාලා වැසී යමින් තිබෙන බවත් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.

මෙහි බලපෑම් ගෘහ සේවයේ නිරත කාන්තාවන් සඳහා ද වක‍්‍රාකාරයෙන් හෝ ඇති වනු ඇති බවයි එහිදී විස්තර කෙරුණේ.

මාස 8ක වැටුප් නොලැබීම හේතුවෙන් සෞදි අරාබියේ රැකියාවල නිරත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසක් දමාම් නුවරදී උද්ඝෝෂණයක ද යෙදී සිටියා. ආහාර හිඟයෙන් ද තමන් පීඩා විඳින බවයි ඔවුන් කියා සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම උද්ඝෝෂණය අවසන් කර තිබෙනවා. සිය මැසිවිලිවලට සෞදි අරාබියේ තානාපති කාර්යාලයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණු බවයි පීඩාවට පත් ශ‍්‍රමිකයින් පැවසුවේ.

මේ අතර සෞදි අරාබියේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී වෙනත් රටවල රැකියා වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල කියා සිටියා. ඇය ඒ බව පැවසුවේ රත්නපුරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.