Tuesday, April 23, 2024

General line - 0115112241

ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් රසායනාගාරය ISO/IEC 17025:2017 අනුකූලතාවය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙට්‍රෝලියම් පරීක්ෂණාගාරය බවට පත්වෙයි




ශ්‍රී ලංකාවේ එකම දේශීය ලිහිසි තෙල් සන්නාමය වන ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් ආයතනයේ මල්වත්ත අපනයන සැකසුම් කලාපයේ පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාරය, ISO/IEC 17025:2017  අනුකූලතාවයෙන් යුත් ප්‍රථම පෙට්‍රෝලියම් පරීක්ෂණ රසායනාගාරය බවට පත්විය. ජාත්‍යන්තර පරීක්ෂණාගාර ප්‍රතීතන ආයතනයෙහි (ILAC) පූර්ණ සාමාජික ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් රසායනාගාර පරීක්ෂණ සඳහා වූ අනුකූලතාවන් තහවුරු කර ඇත.

ISO/IEC 17025:2017 ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගාර සඳහා වන තත්ත්ව කළමනාකරණ සහතිකයක් වන අතර මෙමඟින් පරීක්ෂණාගාර වල තාක්ෂණික නිපුණත්වය සහ පරීක්ෂණ ප්‍රතිඵලවල නිරවද්‍යතාවය තහවුරු කෙරේ- මෙමඟින් ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගමේ නිෂ්පාදන වල ප්‍රතිඵලයන්ගේ නිරවද්‍යතාවය හා විශ්වාසනීයභාවය පිළිබඳ තහවුරු කිරීමක් පාරිභෝගිකයන්ට ලබාදේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ලාෆ්ස් පෙට්‍රෝලියම් සමාගමෙහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ. පීරිස් මහතා මෙසේ පවසන ලදි. “මෙරට එකම ශ්‍රී ලාංකීය ලිහිසි තෙල් සන්නාමය ලෙස ලාෆ්ස් ලුබ්රිකන්ට්ස්  සියලුම මෙහෙයුම් අංශවලින් පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් උසස් සේවාවක් ලබා දීම සඳහා නිරතුරුව ක්‍රියා කරයි. අපගේ රසායනාගාරවල තාක්ෂණික නිපුණත්වය සහ නිෂ්පාදන පරීක්ෂණ ප්‍රතිඵලවල ප්‍රමිතිය තහවුරු කරන ජාත්‍යන්තර මිනුම්දණ්ඩක් වන ISO/IEC 17025:2017 අනුකූලතා සහතිකයල අප ලද විශාල ජයග්‍රහණයකි. අපගේ පාරිභෝගිකයන් දෛනිකව භාවිතා කරන රථවාහන වල විවිධ අවශ්‍යතාවයන් සපුරාලිය හැකි නව්‍ය විසඳුම් ලබා දීමෙහිලා අපි දරන කැපවීම මෙම සහතිකකරණය දිනා ගැනීම තුළින් මනාව සංකේතවත් කරයි. මේ සමඟින් අපි ඉදිරියේදීත් විශිෂ්ටත්වය කරා අඛණ්ඩව ගමන්කරමින්, අපගේ නිෂ්පාදන වල ගුණත්වය තව තවත් වර්ධනය කිරීම සඳහා කැපවී ක්‍රියා කරන්නෙමු.”

ලාෆ්ස් හෝල්ඩිංග්ස් හි අනුසමාගමක් වන ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගමල 2008 වසරේ සමාගම ආරම්භ කළ දින සිටල මෙරට ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකීය ලිහිසි තෙල් සන්නාමය ලෙස බහුජාතික සමාගම් සමග කරට කර තරඟ කරමින් සෑම කාණ්ඩයකම රථවාහන සඳහා සරිලන ලිහිසි තෙල් නිෂ්පාදනය කරයි. ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණයට සහ මාර්ග තත්ත්වයට ගැලපෙන, වැඩි දුරක් ධාවනය කළහැකි අයුරින් ප්‍රමාණයක් භාවිතා කළ හැකි උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන රැසක් පිරිනමයි.  මල්වත්ත අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් නිෂ්පාදනාගාරයල උසස් තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දේශීය එන්ජින් ඔයිල් නිෂ්පාදනය කරන අතර ශ්‍රී ලාංකීය මෝටර් රථ හිමියන්ගේ වඩාත් විශ්වාසනීය ලිහිසි තෙල් සන්නාමය බවට පත්ව ඇත.

1995දී ආරම්භ කළ LAUGFS  සමූහ ව්‍යාපාරය තුළ මේ වනවිට සේවක සේවිකාවන් 3,500ක් පමණ සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 60කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලශක්ති, පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාම්, කර්මාන්ත, සේවා, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු යන අංශ තුල විවිධ ව්‍යාපාර ක්‍ෂේත්‍ර 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති LAUGFS  සමූහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රිී ලාංකීය සමාගමකි.