Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ තවත් සිහිනයක් අද ඔලිම්පික් පිටියේ




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ තවත් තරග ඉසව්වකට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයෙක් අද (09) සහභාගි වනවා. ඒ, මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්ව වෙනුවෙන් මැතිව් අබේසිංහයි.

මැතිව් අබේසිංහ සහභාගි වන නිදහස් ආර පිහිනුම් ඉසව්ව ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 9.35ටයි.

මේ අතර රියෝ ඔලිම්පික් පිටියේ ශ‍්‍රී ලාංකික බලාපොරොත්තු 03ක් ඊයේ (08) බිඳ වැටුනා.

කිලෝ ග‍්‍රෑම් 73 බර පංතියෙන් ජූඩෝ ඉසව්වට තරග වැදුනු චාමර නුවන් ධර්මවර්ධන පළමු වටයේ තරගයකින් ජය ගත්තේ ශ‍්‍රී ලාංකික බලාපොරොත්තු දල්වාලමින්. එහෙත් දෙවන වටයේ තරගයකදී ඔහු පරාජය වුණා.

පළමු වටයට තරගකරුවන් 32 ඇතුලත්ව සිටි අතර චාමර නුවන් ධර්මවර්ධන හමුවේ පරාජය වූයේ ඇමෙරිකානු සමෝවා හි ක‍්‍රීඩකයෙක්.

දෙවන වටයට සුදුසුකම් ලබාගත්තේ ක‍්‍රීඩකයින් 16 දෙනෙකු පමණයි. චාමර නුවන් ධර්මවර්ධන එහිදී ජෝර්ජියානු ක‍්‍රීඩකයෙකු හමුවේ පරාජය වුණා.

ශ‍්‍රී ලාංකාව නියෝජනය කරමින් මීටර් 10 වායු රයිෆල් පිරිමි ඉසව්වට තරග වැදුනු මංගල සමරකෝන් සහ කිලෝ ග‍්‍රෑම් 62 බර පංතියෙන් බර ඉසිලීම ඉසව්වට තරග වැදුනු සුදේශ් පීරිස් එම ඉසව්වල දෙවන වටයට හෝ පිවිසීමට සමත්වූයේ නැහැ.

මීටර් 10 වායු රයිෆල් පිරිමි ඉසව්වෙන් තරග වැදුනු මංගල සමරකෝන්ට මූලික වටයේ දී සහභාගී වූ ක‍්‍රීඩකයින් පනස් දෙනෙකු අතරින් හිමි වූයේ පනස්වන ස්ථානයයි.

කිලෝ ග‍්‍රෑම් 62 බර පංතියෙන් බර ඉසිලීම ඉසව්වට තරග වැදුනු සුදේශ් පීරිස් එසවීම සඳහා තෝරාගත් පළමු බර වූයේ ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 120ක්. එහෙත් නියමිත උත්සාහයන් තුනේදීම ඔහු එම බර ප‍්‍රමාණය සාර්ථකව එසවීමට අපොහොසත් වුණා.