Friday, April 19, 2024

General line - 0115112241

සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ




සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. එය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා මිරිහානේ සිය නිවස  පිහිටි ගෙවත්තේ කහ පැලයක් රෝපණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

නිවසේ කහ අවශ්‍යතාවය තම වත්තෙන්ම සපුරාගනු පිණිස එක් පවුලකට කහ පැලබඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. ගුණාත්මක බවින් ඉහළ කහ පැල සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවල  කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරින් මගින් ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.