Saturday, April 20, 2024

General line - 0115112241

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 25%කින් අඩු කෙරේ - පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය




ආසන ගණන ඉක්මවමින් මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරන් සහ සහයකයින්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පල කළ පොලිස් මාධ්‍ය ප්‍රකිශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.


මේ අතර අද මාධ්‍ය හමුවක් කැදවමින් ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ හෙට සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය සියයට 25කින් අඩු වන බවයි. මාර්ග වල ප්‍රමාණවත් තරම් ජනතාව නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ. 

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දුම්රිය ධාවනය කිරීම සඳහා සියලු කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ගමනා ගමන ගාමිනී සෙනවිරත්න පැවසුවේ හෙට සිට සියලුම කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.