Thursday, April 25, 2024

General line - 0115112241

කෝලි ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විශේෂිත වූ ඇඳුමකින් සැරසීමට තීරණය කරයි




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරග 02 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් සමත් වුණා. දිල්ලි කණ්ඩායම කඩුළු 07 කින් තරගය ජය ගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි. රාජස්ථාන් කණ්ඩායම හමුවේ ලකුණු 55 කින් පරාජයට පත්වීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට ඊයේ සිදුවුණා. එහිදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර්, පන්දු 64 කදී ලකුණු 124 ක් රැස්කිරීම විශේෂත්වයක්.

මේ අතර ඉන්දීය කොවිඩ් අරමුදලට ආධාර ලබාදීමේ අරමුණින් විශේෂිත වූ ඇඳුමකින් සැරසී අයි පී එල් තරගාවලියට එක්වීමට ඉන්දීය නායක විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  

මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ලකුණු 437 ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට කඩුළු 05 ක් දැවී ලකුණු 177 ක් රැස්කර ගෙන සිටියා. තරගය ජය ගැනීමට නම් තවත් කඩුළු 05 ක් අතැතිව සිටින බංග්ලාදේශ කණ්ඩායම අද දිනය තුළ ලකුණු 260 ක් ලබාගත යුතු වනවා.