Friday, April 26, 2024

General line - 0115112241

දින 10 කදී මෙරට ආසාදිතයින් 13,000 පනී




ගතවූ දින 10 ක කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 13,000 කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් දින 06 ක්ම වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 1000 සීමාව පසුකර ගිය දින ලෙසයි.

අවසන් දින 04 ම මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 1500 සීමාව පසුකර ගියා.
 
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ සිදු කරන පී සී ආර් සංඛ්‍යාව තවදුරටත් වැඩි කළහොත් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවයි.

ඔහු කියා සිටියේ මූලාශ්‍ර තහවුරු කරගත නොහැකි ආසාදිතයින් පවා මේවනවිට සමාජයෙන් වාර්තා වෙමින් ඇති බවයි.

මේ අතර ඇතැම් ප්‍රදේශවලින් කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින් හඳුනා ගැනීමේ ප්‍රමාදයක් ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ ඇතැම් පුද්ගලයින් පෞද්ගලික රෝහල්වලින් ඡක්‍ඍ පරීක්ෂණ සිදුකර කොරෝනා ආසාදිත බවට තහවුරු වුවහොත්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොදන්වා නිවසේම රැඳී සිටින බවයි.

අදාළ තොරතුරු පෞද්ගලික රෝහල්වලින් ලැබීමේදී ද, කිසියම් ප්‍රමාදයක් ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පැවසුවේ මීට දින 10 කට පෙර වාර්තා වූ ආසාදිතයින් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාම මේ දිනවල සිදුවන බැවින් රෝහල්තුල පවතින තදබදය ඉදිරි දෙක, තුන තුළදී අඩුවනු ඇති බවයි