Thursday, April 25, 2024

General line - 0115112241

රුසියාවේ ස්පුට්නික් පළමු එන්නත් තොගය අද දිවයිනට




රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතයි. ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත කියා සිටියේ එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට ලැබීමට නියමිත බවයි. 

මෙරට කොරෝනා මර්දන වැඩසටහනේ ඉදිරි පෙළ සිටින සාමාජිකයින්ට පළමුවරට ලබාදුන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවයි. එහි දෙවන මාත්‍රාව ලබාදීම ඉකුත් දා ආරම්භ වුණා. එහෙත්, පළමු මාත්‍රාව ලබාදුන් සියලුදෙනාට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලබාගැනීම මේවනවිට අසීරු වී ඇති බවයි නෙත් නිවුස් මීට පෙර වාර්තා කළේ.