Thursday, April 25, 2024

General line - 0115112241

පකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රහාරයක් 




පකිස්තාන ආරක්ෂක අංශ විසින් කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සදුදා අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේශසීමාවේ සම්බා දිස්ත්‍රික්කයේ රාම්රාග් ප්‍රදේශය ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ.

මෙය දෙරට අතර පසුගිය පෙබරවාරි 24 සිට ඇති කරගත් නව සටන් විරාම එකගතාවය කඩවූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2003 වර්ෂයේ සිට දේශසීමාවේ ක්‍රියාත්මක වූ සටන් විරාමය පන්දහස් වතාවකට වඩා කඩවීම හේතුවෙන් පසුගිය පෙබරවාරියේදී මෙම නව සටන් විරාම එකගතාවය ඇති කර ගනු ලැබිණ.