Friday, April 19, 2024

General line - 0115112241

කොග්ගල නිදහස් වෙළද කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හදුනා ගැනේ




කොග්ගල නිදහස් වෙළද කලාපයේ තවත් සේවක සේවිකාවන් 20 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම වෙළද කලාපයේ ඇගළුම් කම්හල් 3 කින් එම ආසාදිතයින් සොයාගෙන ඇති බවයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පැවසුවේ.

ඒ අනුව මේ වනවිට කොග්ගල නිදහස් වෙළද කලාපයෙන් ඇගළුම් කම්හල් 6 කින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන සියයකට ආසන්න වනවා.

මේ හේතුවෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ ආශ්‍රිතයින් 600 දෙනෙකු පමණ පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමටද නියමිතව බවයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේ.