Thursday, April 25, 2024

General line - 0115112241

A/L සහ O/L විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය




අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී සහ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරක් සහ මාස 9 ක කාලසීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කරමින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබාගැනීමට සිසුන්ට අවස්ථාව සලසාදීම එහි අරමුණ වනවා.

ඒ, සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ මෙම සංශෝධන 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.