Friday, March 29, 2024

General line - 0115112241

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස තාවකාලිකව වැසේ




වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට සිට සංචාරකයන් සදහා තාවකාලිකව වසා දමන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දැනටමත් නවාතැන් පහසුකම් වෙන් කරගෙන ඇති සියලු දෙනා වෙත නැවත දින වෙන්කර දීමට අවශ්‍ය උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් අදාළ ස්ථාන එලෙස සංචාරකයන් සදහා තාවකාලිකව වසා තැබෙන බවද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.