Saturday, April 20, 2024

General line - 0115112241

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළදාරින් 05 කු කෘත‍්‍රීම රා නිපදවන්න සහයෝගය ලබාදීලා - මන්ත්‍රී බුද්ධික පතිරණ ගෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණයක්




නීතීවිරෝධි රා නිෂ්පාදනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකු ඒ සදහා තමාට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් හය  දෙනෙකු සහය දුන් බවට ප‍්‍රකාශ කරමින් සුරාබදු කොමසාරිස් ජනෙරාල් වරයාට ලිපියක් යොමු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තුවේදී අනාරවරණයක් සිදු කළා. 

මන්ත‍්‍රීවරයා සදහන් කළේ 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 06 වනදා  සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච් ජී සුමණසිංහට ලිපියක් එවනු ලබන නීති විරෝධි කෘතීම රා නිපදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අංක 174 ඒල පලාලි පාරල කොන්ඩවිල් හි පදිංචි  චන්ද්‍රකාන්තන්  කාන්ත රූපන් නම් පුද්ගලයෙකු විසින් මේ බව සදහන් කර ඇති බවයි. රා කර්මාන්තය සම්බන්ධව ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදන තුනක් සම්බන්ධයෙන් සිය විරෝධතාව පළකරමින් අද පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ අදාළ ලිපිය සභා ගත කරමින්. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ මන්ත‍්‍රීවරයා.

මේ ලියුමේ ඔහු ඉතා  පැහැදිලිව චෝදනා එල්ල වෙලා තියනවා මේ කටයුත්ත කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරින් කිහිප දෙනෙක් එක්ක කියලා. කවුද ඒ නිළධාරින්. ඒ ලියුමෙම කියනවා කියනවා. මම ඒ ලිපිය සභාගත කරනවා. එස් සිරිමාන්න සුරාබදු ස්ථානාධිපති, එන් සෝතිනාදන්,  නියෝජ්‍ය කොමසාරිස් කේ කුමාරසිංහ, නියෝජ්‍ය කොමසාරිස් ප‍්‍රධාන කාර්යාලය වණ්සූරිය, ප‍්‍රධාන කාර්යාල කොමසාරිස් ඩබ්ලිව් දිසානායක ප‍්‍රධාන කාර්යාල කොමසාරිස් යන අයගේ් සහයෝගය මතයි මේක කලේ කියලා. ඔහු කියනවා මම වරදක් කළා. දඩ කන්න ලෑස්තියි. හැබැයි මම මේක කළෙ තනියම නෙමෙයි කියලා.

වැඩිදුරටත් අදහස් දක්වමින් බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා සදහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක කපිල කුමාරසිංහ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විනාකිරි නිපදවීම සදහා කෘතීම රා භාවිතා නොකරන බව සදහන් කළ ද අදාල නිළදාරියා රූපවාහිනි සාකච්චාවකදී විනාකිරි නිපදවීම සදහා කෘතීම රා භාවිතා කරන බව සදහන් කර ඇති බවයි. 

ඒ අනුව රා කර්මාන්තය සම්බන්ධව ගෙන ආ ගැසට් මගින් ශ‍්‍රී ලංකාව තුළ කෘතීම රා නිපදවීම සදහා වැඩි අවස්ථාවක් ලබාදෙන බව ද ඔහු සදහන් කළා. 

ජනතාව ආහාරයට ගන්නා විනාකිරි හකුරු වැනි දෑ නිපදවීම සදහා මෙම කෘතීම රා භාවිතා කරනු ලබන බව ප‍්‍රකාශ කළ බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා අවධාරණය කලේ එය දැඩි ගැටළුවක් බවයි. එමෙන්ම කෘත‍්‍රීම රා නිසා රජයට වසරකට රුපියල් බිලියන 80 ක බදු ආදායමක් අහිමි වන බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය සදහා කෘත‍්‍රීම රා රා යොදාගන්නා බවට දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ අනාවරණය කරනු ලැබූ බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා මීට පෙර අවස්ථා ගණනාකදීම සදහන් කලේ මෙම විෂ සහිත කෘතීම රා නිපදවීම සදහා සීනී, යීස්ට්, ඇමෝනියා, වතුර සහ පරණ ජංගම දුරකථන බැට්රි යොදාගන්නා බවයි.