Saturday, April 20, 2024

General line - 0115112241

තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි 




කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 04 කට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 12 හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් වසමේ පමුණුව සහ පිළියන්දල පොලිස් වසමේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නව නගරය,වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ රත්ගම යන ග්‍රාමනිලධාරී මේ මොහොතේ සිට හුදකලා කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම්  ග්‍රාමනිලධාරී වසමත් මේ මොහෙතේ සිට හුදකලා කර තිබෙනවා.

මේ අතර මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතරින් ආසාදිතයින් 54 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.