Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට මෙවරත් පක්ෂ කිහිපයක නායකයින් නොඑයි




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැති හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනෙකු මෙවර ද සහභාගී වී නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , 
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහඑිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගී නොවූ බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූණා. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා එම පක්ෂවල නායකයින් ඊට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

පක්ෂ නායකයන් ඊයේ පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බවයි. 

ඒ අනුව ඉදිරි පක්ෂ නායක රැස්වීම්වලදී පක්ෂ නායකයින් පමණක් සහභාගී කර ගන්නා ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ සඳහන් කළේ. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන විරසිංහ.