Saturday, April 20, 2024

General line - 0115112241

අතරමග නතරවූ IPL තරගාවලිය නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට රුපියල් කෝටි 2000ක පාඩුවක්




මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමගදී අත්හිටුවීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 2000 ක් පමණ ආදායමක් අහිමි  වී තිබෙනවා. විකාශන සහ අනුග්‍රාහක මුදල් අහිමි වීම හේතුවෙන් මෙම මූල්‍ය පාඩුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කණ්ඩායම් කිහිපයකින් කෝරොනා ආසාදිතයින් වාර්තා වීම නිසා මෙවර තරගාවලියේ තරග 60න් පැවැත්වීමට හැකි වූයේ තරග 29ක් පමණයි. ඉන්දීය ක්‍රිකට් ආයතනයට වැඩිම පාඩුවක් සිදු වන්නේ විකාශන අයිතිය හිමි ස්ටාර් ස්පෝර්ස් ආයතනයෙන්. දෙපාර්ශවය අතර වසරක පහක කාලයක් සදහා ගිවිසුම් අත්සන් තබා ඇති අතර, එහි සමස්ත වටිනාකම රුපියල් කෝටි 16,347ක්.

උද්ගත වූ තත්වය හේතුවෙන් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 8 සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබාදෙන මුදල්  ප්‍රමාණයද අඩකින් පමණ මෙවර අඩු වනු ඇති.