Friday, March 29, 2024

General line - 0115112241

කොග්ගල නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා




අලුත් අවුරු සමයේ සිට ඊයේ (04) දින දක්වා කාලය තුලදි කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසනවා.

මේ වනවිට මෙකි ඇගලුම් සේවක සේවිකාවන් ගේ ආශ්‍රිතයින් 350කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරිවරයා ප්‍රකාශ කළා.
 
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පුද්ගලයින් 52 නෙකු කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වල ඉඩකඩ නොමැතිවිම නිසා තවමත් නිවෙස්වල සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.
 
රෝගින් 06 දෙනෙකු කරන්දෙණිය කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බවත් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ඇති ඇදන්වල ඉඩකඩ පහසුකම් ලැබෙන පරදි මෙම රෝගින් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට කටයුතු කරණ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ.