Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උදේශිකා ප්‍රබෝධිනීට කොරෝනා




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන උදේශිකා ප්‍රබෝධිනීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් ඇය සමග පුහුණුවීම්වල නිරත වූ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝට්ස්මන් වෙත සදහන් කළේ.

ඒ අනුව ඔවුන් මේවනවිට නිරෝධානයට යොමුකර තිබෙනවා. උද්ගත වූ තත්වය හේතුවෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන සුපර් ලීග් පාපන්දු තරගාවලියටද කොරෝනා වංසගතයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ ක්‍රීඩකයන් සිවුදෙනෙකුට සහ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන්.

උද්ගතව ඇති තත්වය මත ඩිෆෙන්ඩර්ස් සහ අප් කන්ටි්‍ර ලයන්ස් කණ්ඩායම් අතර තරගය කල්දැමීමටයි තරග සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

තරගාවලිය අතරතුර රෝග ලක්ෂණ පෙන්නුම් කරන සියලු දෙනා පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ප්‍රතිඵල මත සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉදිරි තරග සැලසුම් කරන බවයි පාපන්දු සම්මේලනය පැවසුවේ.