Saturday, April 20, 2024

General line - 0115112241

භාවිත කළ කොරෝනා පරීක්ෂණ කට්ටල තොගයක් ඉන්දුනීසියාව යළි භාවිතයට ගනී




ගුවන් තොටුපළක් තුලදී පුද්ගලයින් පිරිසකට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කර ඉවත දැමූ කොරෝනා පරීක්ෂණ කට්ටල තොගයක් යළි භාවිත කිරීමේ සිද්ධියක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

විදෙස් වාර්තා පැවසුවේ අදාළ සම්බන්ධයෙන් රජයට අයත් සමාගමක සේවකයින් කිහිපදෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ ගුවන් තොටුපළින් පිටවන පුද්ගලයින් ඊට පෙර ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා මුහුණ දිය යුතු අතර එම ප්‍රතිපල අනුව එම පුද්ගලයා කොරෝනා ආසාදිත නොවිය යුතු වනවා.

ඒ අනුව අදාළ ගුවන් තොටුපළේදී ඉකුත් දෙසැම්බර් මස සිට මේ දක්වා කාලය තුළ ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කෙරුණු මගීන්ගෙන් 9,000 ක් පමණ පරික්ෂාවට ලක් කර ඇත්තේ භාවිත කර ඉවත දමා යළි පිරිසිදු කරන ලද පරීක්ෂන කට්ටල යොදා ගනිමින්.

එම පරීක්ෂණ කට්ටල අලෙවි කරන ලද සමාගමට එරෙහිව ඉන්දුනීසියානු බලධාරීන් මේවනවිටත් නඩු මගට පිවිස ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.