Thursday, April 25, 2024

General line - 0115112241

පොදු ප්‍රවාහන සේවා රියදුරන් සහ කුලීරථ රියදුරන්ට රතු එළියක්




පොදු ප්‍රවාහන සේවා රියදුරන් සහ කුලීරථ රියදුරන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීම සඳහා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථාන සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එවැනි මගී ප්‍රවාහන රථවාහන පොලිස් භාරයට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කළ බස්නාහිර පළාතේ පිහිටි සමාජ ශාලා, ඔට්ටු තැබීමේ ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන රැසක් පොලීසිය විසින් ඊයේ වටලනු ලැබුවා.

එහිදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.