Saturday, April 20, 2024

General line - 0115112241

උසස් පෙළ විශිෂ්ඨයින්ගෙන් පසු පෙළට ඔවදනක්




2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු අයැදුම්කරුවන්ගෙන් සියයට 64.39 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.  

ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ යාපනය චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්බවන් සිසුවායි. සිය ජයග්‍රහණය පිළිබඳ ඔහු මෙලෙස අදහස් පළ කළා. 

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විදුහලේ ප්‍රවීන් විජේසිංහ සිසුවා හිමිකර ගත්තා. 

මේ, වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණී ශිෂ්‍යාවයි.

මේ, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වූ හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයේ සුසික සඳුසර. 

ඉංජිනේරු තාක්‍ෂණ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ අවිශ්ක චානුක සිසුවායි. සිය ජයග්‍රහණය පිළිබඳ ඔහු මෙලෙස විස්තර කළා. 

මේ අතර වාණිජ විෂය ධාරාවේ දිවයිනේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නාදියා මරියුම් කුල්සි ශිෂ්‍යාවයි. ඇය නෙත් රේඩියෝවේ පුංචි උදෑසන ඇතුළු ළමා වැඩසටහන්වලදී ද සිය දක්‍ෂතා පෙන්වූ ශිෂ්‍යාවක්. 
හේමන්ත, රවීන්ද්‍ර චන්ද්‍රලාල්, පිංසිරි ආරියරත්න