Friday, March 29, 2024

General line - 0115112241

ඔක්සිජන් සිලින්ඩර් 4000ක් දිවයිනට ගෙන්වීමට ඇනවුමක්




ඉදිරි සති කිහිපයේදී නව ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර් 4000 ක් මෙරටට ගෙන්වීම සඳහා ඇනවුමක් ලබාදී ඇතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය පිළිබඳ දෙවන දිනටත් අද පැවැති පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයට එක්වෙමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන. 

විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ද අද  සභාවට පැමිණියා. මේ, විවාදයට එක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල. 

අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද විවාදයට එක්වුණා.