Friday, April 19, 2024

General line - 0115112241

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කරයි 




කොත්මලේ පොලිස් වසමට අයත් පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුබද්‍රාලංක මාවත ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම හුදෙකලා කිරීම සිදුකරනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ වන විට දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 102ක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.