Thursday, April 25, 2024

General line - 0115112241

ගෑස් සැපයීමත් අර්බුදයක




මෙරට ගෑස් සමාගම්වලට ගෑස් මිල ඉහළ දැමීමට අනුමැතිය ලබා නොදුනහොත් ඉදිරියේදි රටතුළ ගෑස් හිගයක් ඇතිවිය හැකි බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය පවසනවා. ඔහු කියා සිටියේ ඉකුත් මාසයේදී ගෑස් ආනයනය සදහා යන වියදමට සාපේක්ෂව ගෑස් අලෙවියෙන් විශාල පාඩුවක් සිදුව ඇති බවයි. මේ හේතුවෙන් ගෑස් සමාගම් ගෑස් ආනයනය කිරීමේ අපහසුතා මතුව ඇති බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය නෙත් නිවුස් වෙත සදහන් කළේ.

ගෑස් සමගාම් අලාභ නොමැතිව පවත්වාගෙන යාමට නම් අවම වශයෙන් රුපියල් 421ක මිල වැඩි කිරීමක් විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එසේ නොවුණහොත් ගෑස් ආනයන කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් උද්ගත විය හැකි බව ද ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය  වැඩිදුරටත් සදහන් කළා.

ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ ගෑස් මිල වැඩි කිරීමකට හෝ ගෑස් හිගයක් ඇතිවීමට මේ මොහොතේ ඉඩ නොදෙන බවයි.