Friday, April 19, 2024

General line - 0115112241

හදිසි නඩු කටයුතු පමණක් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි




කොළඹ නගරයේ පවතින කොරෝනා අවදානම සලකා අද (6) සිට මේ මස 14 දා තෙක් හදිසි නඩු කටයුතු පමණක් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා පවසනවා.

මීට පෙර කැදවීමේ නඩු පමණක් මේ මස 3 දා සිට 7 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නොකැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබු අතර එම දින වල අනෙකුත් නඩු එනම් සලකා බැලීමට ඇති සහ විවාදයට ඇති නඩු කැදවීමට තීරණය කර තිබුණා.

ඒ අනුව 2021 මැයි 06 සිට 14 දක්වා කාලය තුළ හදිසි නඩු හැරෙන්න අනෙකුත් සියලු නඩු  විවෘත අධිකරණයේ කැඳවනු නොලබන ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර ඇත .

ඒ සදහා නව දිනයන් පසුව දැනුම් දෙනු ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව් අමරසූරිය පවසා සිටිනවා.

මේ ආකාරයටම අභියාචනාධිකරණයේ කටයුතු ද හදිසි නඩු කටයුතු සදහා පමණක් විවෘත අධිකරණයේ කැදවන බව එහි රෙජිස්ට්‍රාර්වරයා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

එවැනි හදිසි නඩු කටයුතු සදහා මෝෂමක් විද්‍යුත් ක්‍රමයට ඉදිරිපත් කළ යුතු බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත .