Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ ස්ථාන රැසක විශේෂ පොලිස් මෙහෙයුමක්




ජනතාව වැඩි වශයෙන් ගැවසෙන කොළඹ ස්ථාන රැසක විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

ඒ, කාය වර්ධන මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර, වාහන අලුත්වැඩියා කරන ස්ථාන සහ විවිධ සේවා සපයන ස්ථාන ඉලක්ක කර ගනිමින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙවැනි ස්ථාන 2000 කට වැඩි සංඛ්‍යාවක් එහිදී පරීක්ෂා කළ බවයි.

බස්නාහිර පළාතේ ජංගම වෙළඳුන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුමක් ද මේ යටතේ සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සාද, උත්සව ඇතුළු සියලු ආකාරයේ පුද්ගල ඒකරාශී වීම් මේවනවිටත් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.