Friday, March 29, 2024

General line - 0115112241

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අනවශ්‍ය උත්සව




රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අනවසර උත්සව හා සේවක හමුවීම් සංවිධානය කරන බවට පැමිණිලි ලැබී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරනවා. මේවනවිට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් මෙන්ම වැඩබිම්වලින් ද කොරෝනා ආසාදිතයින් රැසක් වාර්තා වන බැවින් කිසිඳු උත්සවයක් සංවිධානය නොකරන ලෙසයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉල්ලා සිටින්නේ.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික ප්‍රසාද් කොළඹගේ පැවසුවේ දිනෙන් දින රෝගීන් වාර්තා වුවහොත් මෙරට රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් මතුව ඇති බවයි. 

මේ අතර කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10 ක් තුලදී ඇඳන් 10,000 ක් සූදානම් කිරීමේ කටයුතු මේවනවිට සිදුකෙරෙමින් පවතිනවා. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ උපදෙස් අනුවයි.