Friday, April 19, 2024

General line - 0115112241

මත්පැන් විකුණන්නත් මාර්ගෝපදේශ මාලාවක්




දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍රලාභී ස්ථාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙලෙස සුරාබදු බලපත්‍ර ලාභී ස්ථාන ස්ථාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

ඒ අනුව මත්පැන් අලෙවිසැල්, ආපනශාලා ඇතුළු දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලාභී ස්ථාන සඳහා එම මාර්ගෝපදේශ මාලාව බලපැවැත්වෙනු ඇති. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ එම මාර්ගෝපදේශ මාලාව පහතින්.