Friday, March 29, 2024

General line - 0115112241

ලුණුගලදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරා, රියදුරු වෘත්තියට තිත තබයි




පස්සර - කොළඹ ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාරක අනතුරකට ලක්වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයේ රියදුරු රුපියල් ලක්ෂ 10 ක ශරීර  ඇප 02 ක් මත මුදා හැරීමට පස්සර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුව ලබන 22 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ. 

මේ අතර අදාළ බස්රථය අනතුරට පත්වීම හා බස්රථයේ රියදුරුගේ රිය ධාවනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත සහ පුවත්  පළවුණා. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අනතුරට පත්වූ පුද්ගලික බස්රථයේ රියදුරුගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. 

මෙහිදී නෙත් නිවුස් වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ එම රියදුරු පැවසුවේ යළි කිසිදා බස්රථ ධාවනයේ නොයෙදෙන බවයි. 

අදාළ බස්රථ අනතුරෙන් එම බස්රථයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මියගිය පිරිස වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 30,000 බැගින් වන්දි මුදලක් ලබාදීමට බස් රථය රක්‍ෂණය කළ සමාගම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.