Thursday, April 25, 2024

General line - 0115112241

දෙවන එන්නත සදහා ඇස්ට්‍රාසෙනිකා සෙවීම අත්හැර නොමැති බව රජය කියයි




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් මෙරට ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් සොයා ගැනීම මේවනවිට දැඩි දුෂ්කර වී ඇතැයි මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ලලිත් වීරතුංග පවසනවා.

නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ එන්නත ලබාදුන් සීරම් ආයතනයේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ශ්‍රී ලංකාවට ලබාදීමට එන්නත් නොමැති බවයි.

කෙසේවෙතත් මෙරට පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සදහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගෙන්වා ගැනීමේ උත්සාහය අත්හැර නොමැති බවද කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ලලිත් වීරතුංග පැවසුවා.