Friday, March 29, 2024

General line - 0115112241

ග්‍රාමීය මට්ටමේ ගැටළු කඩිනමින් විසදීමට අළුතින් නිළධාරීන්




ග්‍රාමීය මට්ටමේ ගැටළු කඩිනමින් විසදීම සඳහා අළුතින් නිළධාරීන් පත් කරන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසනවා.

නව තනතුරට පත් වීමෙන් පසු ප්‍රථම වරට නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කලා.

නව නිළධාරීන් බඳවා ගැනීමේදී සලකා බලන ප්‍රධාන සුදුසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.

ග්‍රාමීය මට්ටමේ ඇති විසදා ගත හැකි ගැටළු අධිකරණ වෙත රැගෙන නොගොස් ග්‍රාමීය මට්ටමේදීම විසදා ගැනීමට ඉදිරියේදී නව වැඩපිළිවෙලක් සකස් කරන බවයි ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම වැඩිදුරටත් සදහන් කළේ.