Friday, April 19, 2024

General line - 0115112241

IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් කැමැත්තෙන්




කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කල් දමා ඇති ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය යම් මට්ටමකින් පාලනය කළ පසු එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එම තරගාවලිය මෙරට තුළ පැවැත්වීමට කැමැත්ත පළ කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ.

ජෛව ආරක්‍ෂිත බුබුළු ක්‍රමවේද යටතේ මේ දක්වා ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේදී ශ්‍රී ලංකාව වඩාත් ඉහළ සාර්ථක භාවයක් පෙන්නුම් කර ඇති බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියා. ඒ අනුව සෙසු රටවල්වලට සාපේක්‍ෂව අයි පී එල් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීම වඩාත් සුදුසු වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.