Tuesday, April 23, 2024

General line - 0115112241

චීන රොකට්ටුවේ කොටස් ඉන්දීය මුහුදට කඩා වැටෙයි 




ලෝකයේම අවදානය යොමු කර ගනිමින් පෘථිවිය දෙසට කඩා වැටෙමින් තිබූ චීනයට අයත් ලෝන්ග් මාර්ච් ෆයිව් බී රොකට්ටුවේ පහල කොටසේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වූ බව චීනය තහවුරු කළා. චීනයේ රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වන ඉන්දියන් සාගර කලාපයට එම සුන්බුන් කොටස් පතිත වන්නට ඇතැයි චීනය විශ්වාස කරන බවයි. ඒ අනුව මාලදිවයිනට ආසන්න බටහිර දෙසින් වන සාගර කලාපයට එම සුන්බුන් කොටස් පතිත වන්නට ඇති බවටයි පැවසෙන්නේ.

චීනය පවසන පරිදි කඩා වාටෙමින් පැවැති සුන්බුන් කොටස් වායුගෝලයට ඇතුලු වී ඇත්තේ චීනයේ වේලාවෙන් අද උදෑසන 10 යි 24 ට පමණයි. රොකට්ටුවෙන් ගිලිහුනු ඇතැම් කොටස් වායුගෝලට ඇතුලු වීමේදී දැවී විනාශ වන්නට ඇතැයි විශ්වාස කරනවා.
චීනයේ ලෝන්ග් මාර්ච් ෆයිව් බී රොකට්ටුවේ පහල කොටසේ සුන්බුන් කොටස් අරාබි අර්ධද්වීපයට ඉහලින් පෘථිවි වායුගෝලයට ඇතුලු වූ බව අමෙරිකාවද තහවුරු කර තිබෙනවා.

එහෙත් එම සුන්බුන් කොටස් පතිත වුනේ පෘථිවියේ සාගර කලාපයකට ද, නැතහොත් ගොඩබිම් සීමාවකටදැයි  තහවුරු කල නොහැකි බව අමෙරිකාව පැවසුවා. කෙසේවෙතත් සුන්බුන් කැබලි වල ගමන් මාර්ගය හොදින් නිරීක්ෂණය කල බවයි අමෙරිකාව පැවසුවේ.

චීනය ලෝන්ග මාර්ච් ෆයිව් බී රොකට්ටුව කක්ෂගත කර තිබුනේ ඉකුත් අප්‍රේල් මාසයේදීයි. සිය නව අභයවකාශ මධ්‍යස්ථානය උඩු ගුවනට රැගෙන යාමට චීනය මෙම රොකට්ටුව යොදා ගත්තා.