Thursday, March 28, 2024

General line - 0115112241

රත්නපුරයෙන් ආසාදිතයින් 170ක් :  බස්නාහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වෙයි




ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,896 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතුරින් 411 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.  නාරාහේන්පිට ප්‍රදේශයෙන් 60ක්, පිළියන්දල 43ක්, ගල්කිස්ස සහ මිරිහාන ආසාදිතයින් 21ක් දෙනා බැගින්, මොරටුව 31ක් සහ තලංගම 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 දෙනෙකු වාර්තාවී ඇත. පානදුර - දකුණ 88, පානදුර - උතුර 66, කළුතර - උතුර 25, කළුතර - දකුණ 18, හොරණ 22, ඉංගිරිය 20, බණ්ඩාරගම 36ක් සහ පයාගල ආසාදිතයින් 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී 347 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කටාන 61ක්, වත්තල 64ක්, මීගමුව 41ක්, මිනුවන්ගොඩ 35ක්, කටුනායක 20ක් සහ දිවුලපිටිය 19ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙකු හඳුනා ගෙන ඇත. ගාල්ල 90ක් සහ හබරාදුව 58ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 172 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කලවාන 58ක්, කිරිඇල්ල 37ක්, රක්වාන 16ක් , කහවත්ත 15ක් සහ උඩුවලව ප්‍රදේශයේ ආසාදිතයින් 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර කුරුණෑගල 75ක්, මාතර 22ක්, කෑගල්ල 07ක්, බදුල්ල 05ක්, අම්පාර 25ක්, අනුරාධපුර 26ක්, ත්‍රිකුණාමලය 19ක්, වව්නියාව 01, නුවරඑළිය 45ක්, මහනුවර 70ක්, පුත්තලම 10, යාපනය 14, මාතලේ 32, කිලිනොච්චි 10, පොළොන්නරුව 31ක්, හම්බන්තොට 01, මොණරාගල 14ක්, මඩකළපුව 07ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 22ක් ඊයේ තහවුරු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වුයේ. 

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 786ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.