Saturday, April 20, 2024

General line - 0115112241

උස පැනීමේ දකුණු ආසියානු වාර්තාව ශ්‍රී ලංකාවට




උෂාන් තිවංක සිය උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට අද සමත්වුණා. ඒ නව දකුණු අසියානු වාර්තාවක්ද පිහිටුවමින්.
උෂාන් තිවංක මෙම දක්ෂතාව දැක්වූයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති විවෘත මලල ක්‍රීඩා තරගාවලියකදීයි. එහිදී ඔහු දැක් වූ දක්ෂතාව මිටර් 2 යි දශම 3 යි බින්දුවක්.

උස පැනීමේ දකුණු ආසියානු වාර්තාව මීට පෙර ඉන්දීය ක්‍රීඩකයෙකු සතුව පැවතුණා. උෂාන් තිවංක මෙම වසරේදී උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව දෙවරක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා.

ටෝකියෝ හි මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා වරම් දිනා ගැනීම සදහා පරිසාධන මට්ටම ආසන්නයට පැමිණීමටද උෂාන් තිවංකට මෙම දක්ෂතාවත් සමග හැකියාව ලැබුණා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සුදුසුකම් ලැබීමට පිරිමි උස පැනීමේ ඉසව්ව සදහා ලබාදී ඇති පරිසාධන මට්ටම මීටර් 2 යි දශම 3 යි 3ක්. උෂාන් මේ වන විට මීටර් 2 යි දශම 3 යි බින්දුවක දක්ෂතාවක් දක්වා තිබෙනවා.

ඉදිරි මලල ක්‍රීඩා තරගාවලදී උෂාන් තිවංක පරිසාධන මට්ටම සපුරාලීමට හැකියාව ලැබුණහොත් ඔහු මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභගිවීමට වරම් හිමිවනු ඇති.