Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා නිසා ලේ බැංකුවේ සංචිතවල අඩුවක්




රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීමට නොහැකිවීම හේතුවෙන් සිය සංචිතවල රුධිර හිගයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  එහි අධ්‍යක්‍ෂ වෛi ලක්‍ෂ්මන් එදිරිසිංහ.

ඕනෑම පුද්ගලයෙකුට කලින් වේලාවක් වෙන්කර දිවයින පුරා පිහිටි සිය මධ්‍යස්ථානවලට රුධිරය ලබාදිය හැකි ඔහු සදහන් කළේ.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ රුධිර ලබා ගන්නා බැවින් ඒ සදහා සිය දායකත්වය ලබාදෙන ලෙසයි ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂ වෛi ලක්‍ෂ්මන් එදිරිසිංහ ජනාවගෙන් ඉල්ලීමක් කළේ.