Friday, March 29, 2024

General line - 0115112241

මෙරටට ගෙන්වූ ජංගම දුරකතන සොරකම් කිරීමේ ජාවාරමක සුළමුල සොයා ගැනේ




මෙරටට ගෙන්වූ ජංගම දුරකතන සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධ කුරියර් සේවාවක, සේවකයන් හය දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

විදෙස් රටක සිටින පුද්ගලයෙකු මෙරට පුද්ගලයෙකුට එම කුරියර් සේවාව හරහා එවූ ජංගම දුරකතනයක් අස්ථානගතවී ඇති බවට සිදුකළ පැමිණිල්ලකට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණ කරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.