Thursday, March 28, 2024

General line - 0115112241

මත්කුඩු කිලෝග‍්‍රෑම් 18ක් බගවන්තලාවේ බසයකින් මතු වෙයි




එන්සි නමැති මත්කුඩු කිලෝග‍්‍රෑම් දහඅටක් සමග පුද්ගලයෙකු බගවන්තලාව ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

පොලිසිය පැවසුවේ මෙම මත්කුඩු තොගය කොළඹ සිට බගවන්තලාව දක්වා බස් රථයකින් රැගෙන යමින් සිටියදී ඊයේ (08) රාත‍්‍රී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අදාළ මත්කුඩු තොගය ඉන්දියාවෙන් ආනයනය කර තිබුණා.

ඒවා ග‍්‍රෑම් 10 බැගින් ටින්වල අසුරා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙම මත්කුඩු ටින් එකක් අලෙවි කිරීමට නියමිතව තිබුණේ රුපියල් 150ක මිලකටයි.

bagawanthalawa www.nethnews.lk0003 bagawanthalawa www.nethnews.lk0004

bagawanthalawa www.nethnews.lk0001

bagawanthalawa www.nethnews.lk0002