Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දොර වසයි




ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය හා නේපාලය යන රටවලින් පැමිණෙන පුද්ගලයින් රටට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා. ඒ, එම රටවල පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේයි.

ඒ අනුව ලබන 12 වනදා රාත්‍රී 12 න් පසුව අදාළ රටවලින් පැමිණෙන පුද්ගලයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති. අන්තර් හුවමාරු ගුවන් යානාවලින් පැමිණෙන අදාළ රටවල්වල සංචාරකයින්ට ද එම තහනම ක්‍රියාත්මක වනු ඇති. 
මේ අතර ඉන්දියානු සංචාරකයින් රටට ඇතුළුවීම වළක්වාලමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉකුත් දා පැනවූතහනම ද තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති.