Friday, March 29, 2024

General line - 0115112241

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්




2021 අප්‍රේල් මස 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන්. 

මේ අතර කොරෝනා වෛරසය රටතුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සියලුම මුස්ලිම් දේවස්ථානවල රාමසාන් දිනයේදී යාඥා පැවැත්වීමෙන් වළකින්නැයි වකුෆ් සභාව දැනුම් දෙනවා. රාමසාන් දිනයේදී මුස්ලිම් දේවස්ථාන වසා තැබිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් වකුෆ් සභාව සඳහන් කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.