Saturday, April 20, 2024

General line - 0115112241

පිට පළාත්වල සිටින සේවකයින් රැකියාව සඳහා කැඳවීම අවම කරන්න - යුද හමුදාපති




පළාත් අතර සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ආයතන වෙත සේවකයන් ගෙන්වා ගැනීමේදී හැකිතාක් පිට පළාත්වල සේවකයන් ගෙන්වීම අවම කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 1,225 දෙනෙකු වාර්තා වී ඇති බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.