Thursday, April 25, 2024

General line - 0115112241

ගාසා තීරයේ යුද ගැටුම් උත්සන්න වෙයි




ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය ගණන 32 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පලස්තීනය පවසනවා. 200කට වැඩි පිරිසක් එම ප්‍රහාරවලින් තුවාල ලැබූ බවයි පලස්තීන බලධාරීන් පවසන්නේ. මියගිය පිරිස අතර ළමුන් දස දෙනෙකු සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ජෙරුසලමේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් අල් අක්සා මුස්ලිම් පල්ලිය අවට ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදාව ඉවත් කළ යුතු බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ඊශ්‍රායලය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයින්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ ජෙරුසලමේ රතු තීරය හරහා ඉදිරියට පැමිණීමට උත්සාහ කළ හොත් බලය යොදවන බවයි.

ඊයේ දිනයේදී පමණක් රොකට් ප්‍රහාර සියයට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.