Friday, April 19, 2024

General line - 0115112241

අද රාත්‍රී 11 සිට 17 වැනිදා අලුයම 04 දක්වා හැඳුනුම්පත් අංකය යටතේ හෝ නිවසින් බැහැරවීමට හැකියාවක් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක




සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති ඉදිරි දින තුන තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අද රාත්‍රී 11 සිට ලබන 17 වනදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම අදාළ කාලය තුළදී කඩසාප්පු විවෘත කර තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කළ හැකියි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමටත් හැකියාව පවතින බවයි.

කොරෝනා ව්‍යාප්තියේ පාලනය සඳහා ඊයේ සිට ආකාර 02 කින් සංචරණ සීමා පනවනු ලැබුවා.

ඒ අනුව ඊයේ සිට මැයි 31 වන සඳුදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා සංචරණ සීමා පනවනු ඇති. ඊයේ රාත්‍රී 11 සිට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පැනවූ සංචරණ සීමා අද අලුයම 04 න් අවසන් වුණා.

මේ අතර අද රාත්‍රී 11 සිට ලබන සඳුදා එනම් මැයි 17 වනදා අලුයම 04 දක්වා රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.