Tuesday, March 19, 2024

General line - 0115112241

කොළඹ හා දඹුල්ලේ එළවළු හා මාළු තොග ගොඩ ගැසෙයි




සිය අස්වනු රැගෙන පෑලියගොඩ මැනිං වෙළඳපලට හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවීන් හා වෙළෙන්දන් මේවනවිටත් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

ඒ, සිය අස්වනු මිලදී ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන්.

මේ, පෑලියගොඩ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ සීමාසහිත සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද පෑලියගොඩ මැනිං වෙළඳපලේ තත්ත්වයට සමාන තත්ත්වයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ ද මසුන් අලෙවි කිරීම ඉතා අවම මට්ටමක පවතින බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පැවසුවේ.

නෙත් නිවුස් මෙම ගැටළුව සම්බන්ධයෙන් විමසීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුව ද එය අසාර්ථක වුණා. ඒ අනුව ගොවීන් මුහුණ පා ඇති ගැටලුව පිළීබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුවත් කළා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට උපදෙස් දී ඇත්තේ ගොවීන් හා ව්‍යාපාරිකයින් මුහුණ පා ඇති ගැටළුව පිළිබඳ සොයා බලා කඩිනමින් විසඳුමක් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

සංචරණ සීමා පනවා තිබුණද, සිය අස්වනු අලෙවි කිරිමට රැගෙන යාමට ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට බාධාවක් නොමැති නමුත් එළවළු, පළතුරු හා මාළු තොග වෙළඳාමට පමණක් අවසර ලබාදෙන බවයි බලධාරීන් පැවසුවේ.