Friday, April 26, 2024

General line - 0115112241

අයි.ඕ.සී තෙල් මිල අඩුවෙයි




එක්ස්ට‍්‍රා ප‍්‍රිමියම් යූරෝ ත‍්‍රී පෙට‍්‍රල් සහ එක්ස්ට‍්‍රා මයිල් ඩීසල් යන ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කරන බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.

එක්ස්ට‍්‍රා ප‍්‍රිමියම් යූරෝ ත‍්‍රී පෙට‍්‍රල් දැන් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 121කටයි. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එය රුපියල් 2කින් අඩු කෙරෙනවා.

එක්ස්ට‍්‍රා මයිල් ඞීසල් මේ වන විට අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 97කටයි. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එහි මිල ද රුපියල් 2කින් අඩු කෙරෙනු ඇති.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ලංකා අයි. ඕ.සී. සමාගම නෙත් නිවුස් වෙත කියා සිටියේ.